විදෙස් කතක් හා ඇයගේ සිව් හැවිරිදි පොඩිත්තියටත් නත්තල වෙනුවෙන් අද ජනපතිගෙන් සමාව (වීඩියෝ)

අද (25) දිනට යෙදුණු නත්තල් සැමරීම නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තියට අනුකූල ව හිමි ව ඇති බලතල ප්‍රකාර ව විවිධ වැරදිවලට සම්බන්ධ සිරකරුවන් 389 දෙනෙකුට ජනාධිපති සමාව හිමි වුණා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ; එම පිරිස අද මධ්‍යාහ්න 12 වන විට සිර මැදිරිවලින් පූර්ණ පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය මත නිදහස් කෙරුණු බවයි.

ඒ අනුව දසත ප්‍රාදේශීය වාර්තාකරුවන් ද ඒ සම්බන්ධයෙන් වන තොරතුරු අප වෙත වාර්තා කර තිබුණ.

අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් ලබමින් සිටි පිරිසක් ද මෙලෙස් මුදා හැරුණා.

කළුතර බන්ධනාගාරයෙන් ද රැඳවියන් 16 දෙනෙකු මුදා හැරුණු අතර එම රැඳවියන් අතර එක් විදේශීය කාන්තාවක් සහ ඇයගේ සිව් හැවිරිදි දියණිය ද සිටින බවත් වාර්තා වනවා.

මල්වත්ත බන්ධනාගාර අධිකාරී වසන්ත කුමාර ඩෙප් මහතා පැවසුවේ එම විදේශීය කාන්තාව රුසියානු කාන්තාවක් බවයි.

විදේශීය කාන්තාව වීසා නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනාව යටතේ කළුතර අධිකරණය මගින් දඬුවම් නියම කර සිට ඇති අතර ඇයට පොදු සමාව යටතේ නිදහස් වීමට අද දිනයේ දී අවස්ථාව හිමි වුණා.

මෙම රුසියානු කාන්තාව සහ ඇයගේ දියණිය ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානය වෙත භාරදීමෙන් අනතුරුව ඉදිරි දිනක දී රටින් පිටුවහල් කිරීමට නියමිත ව තිබෙනවා.

එමෙන්ම අනුරාධපුර බන්ධනාගාරයේ ද අද දිනයේ දී රැඳවියන් 35 දෙනෙකුට ජනපති සමාව හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39