පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.
ඒ, සමඟ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ; පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමේ තීන්දුව ද ඒ සමඟ යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ හැකි බවයි.
මේ අතර එළඹෙන වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දා මහනුවරට පැමිණි අවස්ථාවේ දී සදහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1