සිංහරාජ කැලේ දුර්ලභ පෑලෑටි එකතු කළ ජපනෙක් අත්අඩංගුවට (වීඩියෝ)

සිංහරාජ වැසි වනාන්තරයේ කලවාන කුඩව පිවිසුමේ වනාන්තරය තුළ දේශීය දුර්ලභ ඝණයේ ඖෂධ පෑලෑටි එකතු කර සන්තකයේ තබාගෙන සිටි විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලවාන අඩවි වන කාර්යාලය සඳහන් කළේ අද (21) දිනයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජපන් ජාතිකයකු බවයි.

මෙම ජපන් ජාතිකයා සිංහරාජ වනාන්තරය ආශ්‍රීත හෝටලයක දින 03ක් නවාතැන් ගෙන මෙලෙස පැලෑටි එකතු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව ඔහු හෝටලයෙන් පිටත්ව යාමට කුඩව බස් නැවතුම්පොළේ රැඳී සිටිය දී ලද තොරතුරක් අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු විසින් එකතු කරන ලද පැලෑටි පරීක්ෂා කිරිම සදහා පේරාදෙණිය උද්භිත උද්‍යානයේ පරීක්ෂණ අංශය සදහා යොමු කර වාර්තාවක් ලබාගැනීමට නියමිතයි.

සැකකාර ජපන් ජාතිකයා අද (21) කලවාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?