පාස්කු ප්‍රහාරය ගැන රිස්වි ලබා දුන් පාපොච්චාරණය සිය කැමැත්තෙන් දුන් එකක් – අධිකරණය

පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 11 වන විත්තිකරු හුසේනූර් රිස්වි නමැත්තා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ලබා දුන් පාපොච්චාරණය ඔහුගේ කැමැත්තෙන් ස්වාධීනව ලබා දුන් පාපෝච්චාරණයක් බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (19) තීරණය කරමින් නියෝගයක් නිකුත් කළා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සේවය කළ සමන් පද්මසිරි පෙරේරා මහතාට විත්තිකරු ඔහුගේ ඇත්ත අකුරින්ම ලියා එහි අත්සන් තබා සහතික කොට ලබා දී ඇති එම පාපොච්චාරණය විත්තිකරු ලබා නොදුන් බවට ඉදිරිපත් කර ඇති මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක හා ප්‍රදීප් අබේරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද (19) දින කැඳවනු ලැබුවා.

තම අධිකරණය හමුවේ පැවැති වොයඩාර් පරීක්ෂණයේ දී සාක්ෂි ලබා දුන් අධිකරණ වෛද්‍ය නිලධාරී ලලිත් සේනානායක ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරීන් හා විමර්ශන නිලධාරීන් ලබාදුන් සාක්ෂි අනුව විත්තිකරුගේ මූලික විරෝධතාව ව්‍යාජ විරෝධතාවක් බවට විනිසුරු මඬුල්ල තීරණය කළා.

එම පාපොච්චාරණය තමා විසින් ලියන ලද්දේ පොලිසිය අවශ්‍යතාව මත බවට විත්තිකරු ප්‍රකාශ කළත් එසේ සිදුවූවා නම් ඒ පිළිබඳව ඔහුට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඉදිරියේ හෝ අනාවරණය කිරීමට අවස්ථාව තිබූ බවට විනිසුරු මඩුල්ල සිය නියෝගයෙන් සඳහන් කළා.

ඒ අනුව පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල ලබන ජනවාරි මස 15 වන දින මෙම නඩුව නැවත කැඳවීමට දින නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58