පාස්කු ප්‍රහාරය ගැන රිස්වි ලබා දුන් පාපොච්චාරණය සිය කැමැත්තෙන් දුන් එකක් – අධිකරණය

පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 11 වන විත්තිකරු හුසේනූර් රිස්වි නමැත්තා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ලබා දුන් පාපොච්චාරණය ඔහුගේ කැමැත්තෙන් ස්වාධීනව ලබා දුන් පාපෝච්චාරණයක් බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (19) තීරණය කරමින් නියෝගයක් නිකුත් කළා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සේවය කළ සමන් පද්මසිරි පෙරේරා මහතාට විත්තිකරු ඔහුගේ ඇත්ත අකුරින්ම ලියා එහි අත්සන් තබා සහතික කොට ලබා දී ඇති එම පාපොච්චාරණය විත්තිකරු ලබා නොදුන් බවට ඉදිරිපත් කර ඇති මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක හා ප්‍රදීප් අබේරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද (19) දින කැඳවනු ලැබුවා.

තම අධිකරණය හමුවේ පැවැති වොයඩාර් පරීක්ෂණයේ දී සාක්ෂි ලබා දුන් අධිකරණ වෛද්‍ය නිලධාරී ලලිත් සේනානායක ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරීන් හා විමර්ශන නිලධාරීන් ලබාදුන් සාක්ෂි අනුව විත්තිකරුගේ මූලික විරෝධතාව ව්‍යාජ විරෝධතාවක් බවට විනිසුරු මඬුල්ල තීරණය කළා.

එම පාපොච්චාරණය තමා විසින් ලියන ලද්දේ පොලිසිය අවශ්‍යතාව මත බවට විත්තිකරු ප්‍රකාශ කළත් එසේ සිදුවූවා නම් ඒ පිළිබඳව ඔහුට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඉදිරියේ හෝ අනාවරණය කිරීමට අවස්ථාව තිබූ බවට විනිසුරු මඩුල්ල සිය නියෝගයෙන් සඳහන් කළා.

ඒ අනුව පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල ලබන ජනවාරි මස 15 වන දින මෙම නඩුව නැවත කැඳවීමට දින නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?