ඉන්දියාවේ තවත් දූෂණයක් – දැරියක් ඝාතනය කර ඇඳකත් බැඳ තියලා

ඉන්දියාවේ තවත් දැරියක් දූෂණය කොට ඝාතනය කර තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ (16) රාත්‍රියේ සිදු ව ඇත්තේ බිහාර් ප්‍රාන්තයේ භොජ්පූර් දිස්ත්‍රික්කයේ දියි.

12 හැවිරිදි මෙම දැරිවිය ව ඇයගේ මාමා යැයි සැලකෙන පුද්ගලයෙකු විසින් ලිංගික හිංසනයට ලක් කර ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ටවුන් පොලිස් වසමේ ධරාහර – හනුමන් ටෝලා ප්‍රදේශයේ දී සිදු ව ඇති බවත් සැකකරු මේ වනවිට පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සැකකාර පුද්ගලයා විසින් අදාළ දැරියට ලිංගික අතවර කර පහර දී නිවස තුළ දී ම ඝාතනය කර ඇති බවයි ප්‍රදේශවාසීන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

දැරිය සැකකාර පුද්ගලයාගේ නිවසට ගොස් ඇත්තේ යමක් ඉල්ලා ගැනීමට බවත් පසුව ඇයව නිවසට ගෙන සැකකරු විසින් දැරියට ලිංගික හිංසනයන් සිදු කර ඝාතනය කර ඇඳක ගැට ගසා ඇති බවත් වින්දිත පාර්ශ්වයේ පවුලේ උදවිය පවසා තිබෙනවා.

දැරිය නිවසේ නොසිටි බැවින් ඒ ගැන නිවැසියන් සොයා බලා පසුව සැකකරුගේ නිවසට ගොස් ඇති අතර එහිදී ඇඳක බැඳ දමා සිටි සිය දියණියගේ නිසල සිරුර පවුලේ සාමාජිකයින් හට හමුව තිබෙනවා.

ප්‍රදේශවාසීන් විසින් සැකකරුට පහර දී ඇති බවත් පොලිසිය පවසා සිටිනවා.

දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ටවුන් රෝහල වෙත යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08