හිටපු සුරාබදු කොමසාරිස්ට විදෙස්ගත වීමට අවසර

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබෙන පෙත්සමක වග උත්තරකරුවකු ලෙස නම් කර සිටින තමන්ට පුද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වීමට අවසර දෙන ලෙස හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කළ ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණ අවසර ලබා දුන්නා.

හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් ගොනුකර තිබූ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අවසරය ලබා දුන්නා.

ඉකුත් පාලන සමයේ අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කොට ඇතැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින අතර එහිදී හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් තමා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත නොවන බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබුණා.

හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තම සේවාදායකයාට පෞද්ගලික කටයුත්තක් සඳහා ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට අවශ්‍ය ව තිබෙන බවත් ඒ අනුව ජනවාරි මස 22 වනදා සිට පෙබරවාරි මස 28 වනදා දක්වා කාල සීමාව තුළ තම සේවාදායකයාට විදේශගත වීමට අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට පෙත්සම ඉදිරිපත් කළ බලපත්‍ර ලත් මත්පැන් හල් හිමියන් විසින් විරෝධය පළ කළේ ද නැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීමට අවසර දෙන බව විනිසුරු මඩුල්ල නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?