නව කතානායකවරයාගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා සැමගේ සහාය ඉල්ලා දිටින බව අභිනව කතානායක ජගත් වික්‍රමරත්න පවසනවා.

කතානායක තනතුර සඳහා පත්වීමෙන් පසු පාර්ලිමේන්තු සභාව අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම තමන් මෙම ධුරයට පත්කර ගැනීම සම්බන්ධයෙන් සහ සුභපැතුම් එක්කළ සැමට ස්තූතිය පුදකර සිටින බවයි කතානායකවරයා මෙහි දී සඳහන් කර සිටියේ.

කතානායක ධුරයේ කාර්යයන් ඉටු කිරීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉතා වැදගත් වන බව පැවසූ නව කතානායකවරයා අන්‍යෝන්‍යය අවබෝධයෙන් තොරව මහජන අභිලාෂ මුදුන්පත් කිරීම සඳහා සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තුවන බව පවසා සිටියා.

එමෙන්ම මෙම තමන් උත්තරීතර නිලය දරන තුරු, මහජන නියෝජිතයන් ලෙස සියලු මන්ත්‍රීවරුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා උපරිම ශක්ති ප්‍රමාණයෙන් කැපවෙන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

ඊට අමතරව පාර්ලිමේන්තුව පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීමට සැමගේ සහාය ද කතානායක ජගත් වික්‍රමරත්න ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?