ව්‍යාජ හමුදා බුද්ධි අංශ හැඳුනුම්පතක් භාවිත කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හමුදා බුද්ධි අංශ නිලධාරීන් භාවිත කරන හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන භාවිත කළ බව කියන සැකකාර පුද්ගලයකු මෙම මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අද (16) නියෝග කළා.

පෑලියගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විරාජ් මධුසංක නැමැත්තෙකු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.

පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ මාර්ග බාධකයක දී සැකකාර පුද්ගලයා පරීක්ෂාවට ලක් කිරීමේ දී ඔහු සතුව තිබී එම සැක සහිත හැඳුනුම්පත අත්අඩංගුවට ගත් බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී මේ වන විට හමුදාවේ සක්‍රීය සේවයේ යෙදී සිටින පුද්ගලයෙකු විසින් ඔහුට එම හැඳුනුම්පත සකස් කරදී ඇති බවට කරුණු අනාවරණය වූ බව ද පොලිසිය අධිකරණය දැක්වූ කරුණු වලින් හෙළි වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම හැදුනුම්පත භාවිතා කරමින් සැකකාර පුද්ගලයා කිසියම් නීති විරෝධී ක්‍රියාවන් සිදුකර තිබේද නැද්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය සිදු කරන බවයි.

අදාළ හැඳුනුම්පත හමුදා අංශ වෙත යොමු කර එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව තහවුරු කිරීමට පියවර ගන්නා බව ද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18


?