ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත්

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් නොඅඩුව ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක්-ඇන්ඩ්‍රෙ ෆ්රාන්ෂ් පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානගේ මෙරට නේවාසික නියෝජිතයා ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හමුවූ අවස්ථාවේ දී මෙම අදහස් දක්වා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා දීර්ඝ කාලයක් පුරා මෙරට රජය සහ ජනතාව සමඟ ගෙනගිය හවුල්කාරිත්වය තවත් ශක්තිමත් කරමින් ඉදිරියටද අඛණ්ඩව කටයුතු කරන බව සඳහන් කළා.

පසුගිය මැතිවරණය තුළ ලබාදුන් විශාල ජනවරමත් සමඟ මහජන අපේක්ෂාවන් ද ඉහළ මට්ටමක පවතින බැවින් ඉදිරි කාලසීමාව අභියෝගාත්මක වනු ඇති බව ඔහු මෙහිදී අමාත්‍යවරයාට පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වැඩසටහන් තුළින් ආර්ථික සහ සෞඛ්‍ය අභියෝගයන් ජයගැනීමට දරන්නා වූ ප්‍රයත්නයටත් ප්‍රජාව අතර, ජාතික සමගිය සඳහා වූ ශ්‍රී ලංකා නව රජයේ සුවිශේෂී මුලපිරීමටත් මෙහිදී පැසසුම් එක් කළ නේවාසික නේවාසික නියෝජිතවරයා, විවිධ කණ්ඩායම් අතර විශ්වාසය වර්ධනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස විශාල කාර්යභාරයක් සිදු කිරිමේ හැකියාවක් පවතින බවත් සඳහන් කළා.

එමෙන්ම රට තුළ තිරසාර සාමයක් ප්‍රවර්ධනය කිරීම සඳහාවන නව රජයේ මුලපිරීම සඳහා ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබාදෙන බවද මෙහිදී පැවසුවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව තුළ සිය කටයුතු දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක කරමින් ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් භුක්ති විඳීමට මෙන්ම සහතික කිරීමට අඛණ්ඩව කටයුතු කර ඇති බව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළා.

එමෙන්ම දීර්ඝ කාලීනව මෙරට සංවර්ධන කටයුතුවල දීත්, හදිසි ව්‍යසන අවස්ථාවලදීත්, මතුවු අභියෝගයන්ට මුහුණදීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, සිවිල් සමාජය, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජාව, ද්විපාර්ශ්වික පරිත්‍යාගශීලීන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ එක්ව පුළුල් පරාසයක හවුල්කාරිත්වයන් තුළින් සහාය ලබාදී ඇති බව ද සදහන් කර සිටියා.

සෞඛ්‍ය සේවාවේ මෙන්ම සමස්තයක් ලෙස මෙරට ආර්ථික සාමාජීය, සංස්කෘතිය ආදී සියළු ක්ෂේත්‍රයන් හි ඉදිරි ප්‍රගමනයන් සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ හවුල් කාරීත්වයෙන් ඉදිරියටත් කටයුතු කිරිමට ලැබීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව ද මෙහිදී, නියෝජිත පිරිස අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාරේ කරාතේ පෙන්නූ ජනප්‍රිය උපකාර පන්ති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15


?