ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත්

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් නොඅඩුව ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක්-ඇන්ඩ්‍රෙ ෆ්රාන්ෂ් පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානගේ මෙරට නේවාසික නියෝජිතයා ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හමුවූ අවස්ථාවේ දී මෙම අදහස් දක්වා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා දීර්ඝ කාලයක් පුරා මෙරට රජය සහ ජනතාව සමඟ ගෙනගිය හවුල්කාරිත්වය තවත් ශක්තිමත් කරමින් ඉදිරියටද අඛණ්ඩව කටයුතු කරන බව සඳහන් කළා.

පසුගිය මැතිවරණය තුළ ලබාදුන් විශාල ජනවරමත් සමඟ මහජන අපේක්ෂාවන් ද ඉහළ මට්ටමක පවතින බැවින් ඉදිරි කාලසීමාව අභියෝගාත්මක වනු ඇති බව ඔහු මෙහිදී අමාත්‍යවරයාට පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වැඩසටහන් තුළින් ආර්ථික සහ සෞඛ්‍ය අභියෝගයන් ජයගැනීමට දරන්නා වූ ප්‍රයත්නයටත් ප්‍රජාව අතර, ජාතික සමගිය සඳහා වූ ශ්‍රී ලංකා නව රජයේ සුවිශේෂී මුලපිරීමටත් මෙහිදී පැසසුම් එක් කළ නේවාසික නේවාසික නියෝජිතවරයා, විවිධ කණ්ඩායම් අතර විශ්වාසය වර්ධනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස විශාල කාර්යභාරයක් සිදු කිරිමේ හැකියාවක් පවතින බවත් සඳහන් කළා.

එමෙන්ම රට තුළ තිරසාර සාමයක් ප්‍රවර්ධනය කිරීම සඳහාවන නව රජයේ මුලපිරීම සඳහා ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබාදෙන බවද මෙහිදී පැවසුවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව තුළ සිය කටයුතු දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක කරමින් ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් භුක්ති විඳීමට මෙන්ම සහතික කිරීමට අඛණ්ඩව කටයුතු කර ඇති බව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළා.

එමෙන්ම දීර්ඝ කාලීනව මෙරට සංවර්ධන කටයුතුවල දීත්, හදිසි ව්‍යසන අවස්ථාවලදීත්, මතුවු අභියෝගයන්ට මුහුණදීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, සිවිල් සමාජය, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජාව, ද්විපාර්ශ්වික පරිත්‍යාගශීලීන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ එක්ව පුළුල් පරාසයක හවුල්කාරිත්වයන් තුළින් සහාය ලබාදී ඇති බව ද සදහන් කර සිටියා.

සෞඛ්‍ය සේවාවේ මෙන්ම සමස්තයක් ලෙස මෙරට ආර්ථික සාමාජීය, සංස්කෘතිය ආදී සියළු ක්ෂේත්‍රයන් හි ඉදිරි ප්‍රගමනයන් සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ හවුල් කාරීත්වයෙන් ඉදිරියටත් කටයුතු කිරිමට ලැබීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව ද මෙහිදී, නියෝජිත පිරිස අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41