මන්ත්‍රී අර්චුනා ආයෙත් යාපනය රෝහලට ආවොත් අල්ලලා පොලිසියට භාරදෙන බවට දැනුම්දීමක් (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා යළිත් යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් වී රාජකාරි කටයුතු සඳහා බාධා සිදු කළහොත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තංගමුතු මහතා අවධාරණය කර තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ අර්චුනා මන්ත්‍රීවරයා යළිත් වරක් පැමිණෙන්නේ ද ආරක්ෂක නිලධාරීන් ලවා ඔහු ව දොරකඩ අසල රඳවා පොලිසියට භාරදීමට කටයුතු කරන බවයි.

පෙරේදා (08) දිනයේ දී මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට පැමිණ එහි සිටි වෛද්‍ය මණ්ඩලයට සහ හෙද – අනධ්‍යයන කාර්‍යය මණ්ඩලයට අපහාසාත්මක අයුරින් හැසිරී තිබෙනවා.

ඔහු රෝහලට පැමිණ බැණ වැදුණු බවයි වාර්තා වන්නේ.

තමන්ට ‘සර්’ යනුවෙන් ආමන්ත්‍රණය කරන ලෙසට ඔහු යාපනය රෝහල් කාර්‍යය මණ්ඩලයට පවසමින් බැණ වැදී තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ දී සිට මේ දක්වා මන්ත්‍රී අර්චුනා වැඩි වශයෙන් ආන්දෝලනාත්මක සිද්ධි මවන චරිතයක් වී අවසන්.

පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරයෙකු වන අර්චුනා පළමු දිනයේ දී ම සම්ප්‍රදායානුකූලව විපක්ෂ නායකවරයාට වෙන් කර ඇති අසුනෙහි අසුන්ගනිමින්; පාර්ලිමේන්තු කාර්‍යය මණ්ඩලයට ද බැණ වැදුණු ආකාරය දැක්වෙන වීඩියෝ පට ඔහු විසින් සමාජ මාධ්‍යයේ මුදාහැර තිබුණා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ දී තමන්ට විපක්ෂ නායක කාර්යාලයේ දී සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් පහරදුන් බවට ද ඔහු විසින් කතානායකවරයාට පැමිණිලි කර තිබුණා.

මෙවන් පසුබිමක් මතයි මන්ත්‍රී රාමනාදන් අර්චුනාට එරෙහිව යාපනය ශික්ෂණ රෝහලේ පරිපාලනය විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අවවාදාත්මක දැනුම්දීමක් සිදු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?