ඉරට ළං වෙන ඉන්දියාව

ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය යුරෝපීය Proba-3 මෙහෙයුම අතිසාර්ථක දියත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; මෙය ඉන්දීය අභ්‍යවකාශ තාක්ෂණයේ සන්ධිස්ථානයක් වන බවටයි.

ඉන්දියාවේ PSLV-C59 යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ (ESA) Proba-3 මෙහෙයුම සාර්ථකව දියත් කර ඇති බවත්; මෙම මෙහෙයුම චන්ද්‍රිකා දෙකකින් සමන්විත බවත් වාර්තා වනවා.

එනම් Coronagraph Spacecraft (CSC) සහ Occulter Spacecraft (OSC), නිරවද්‍ය ලෙස පියාසර කිරීම ප්‍රදර්ශනය කිරීම සඳහා ඉතා ඉලිප්සාකාර කක්ෂයකට මෙම යානා යොදවා තිබෙනවා.

මෙය ජාත්‍යන්තර අභ්‍යවකාශ සහයෝගීතාවයේ ද වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම චන්ද්‍රිකා දෙක අතර වෙන්වීමේ පරතරය මීටර් 150ක් පමණ වන බව ද පැවසෙනවා.

අදාළ චන්ද්‍රිකා දෙක එක්ව කෘත්‍රීම සූර්‍යයග්‍රහණයක් නිර්මාණය කරන අතර එය අභ්‍යවකාශ විද්‍යාවේ අද්විතීය සිදුවීමක් ලෙසත් සැලකෙනවා.

දීර්ඝ කාලයක් සඳහා සූර්යයාගේ කිරීටය අධ්‍යයනය කිරීම මෙහි අරමුණයි.

සූර්යයාගේ කිරීටකයේ අධික උෂ්ණත්වය සහ සූර්ය සුළඟේ ත්වරණය වැනි සංසිද්ධි පිළිබඳ ව මෙමගින් පරීක්ෂණ සිදු කෙරෙනු ඇති.

ශ්‍රීහාරිකෝටා හි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙම චන්ද්‍රිකා දියත් කිරීමත් සමඟ මෙම මෙහෙයුම නිව්ස්පේස් ඉන්දියා ලිමිටඩ් (එන්එස්අයිඑල්) විසින් කළමනාකරණය කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54
Video thumbnail
දින 10ක් වයසැති බිළිඳෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:39
Video thumbnail
මාධ්‍ය හමුවෙදි සීලරතන හිමිට එකපාරම වුණ දේ..කොට්ටහට්ටි නටන කාලෙනේ ඕන එකක් නටාගන්න
06:55
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42