සිරස මාධ්‍ය ජාලය ඔස්සේ ඉතාමත් ජනප්‍රියත්වයට පත් අන්තර්ජාතික වැඩසටහනක් වන The Voice මේ වන විට බොහෝ දෙනාගේ ආදරයට පත් වැඩසටහනක් ලෙස හැඳින්විය හැකිය. එම වැසටහනේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනු ලැබුවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනිති වල්ගමගේ විසිනි.
කෙසේවෙතත් දිනිති එම වැඩසටහනට සමුදීමට තීරණය කළා. ඒ සඳහා කාරණා දෙකක් තිබුනා. ඇය වෘත්තීමය වශයෙන් ගුවන් සේවිකාවකි. ඇයගේ රැකියාවේ කටයුතු නැවත ආරම්භ කිරීම නිසාවෙන් ඇය මෙම වැඩසටහනට සමු දී තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන්තොටුපලහි වැඩකටයුතු තාවකාලිකව නවතා තිබූ අතර, එය නැවත යථා තත්ත්වයට පත් වූ විට නැවත ගුවන් ගමන් වාර ආරම්භ කිරීමට නියමිත බැවින් ඇය තම රැකියාව සඳහා පෙනී සිටීමට අවශ්‍ය විය.
ඇය මෙම වැඩසටහන තුළ ගිවිසුම තිබුණේ Blinds සඳහා පමණි. එය අවසන් වීමත් සමග ඇය නැවත ගිවිසුම අලුත් කිරීමට නොහැකි වුයේ ඇයගේ රැකියාවේ වැඩකටයුතු නැවත ආරම්භ වීමත් සමගිනි.