AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීයාව මිහිපිට අපායක් වෙයි : රෝහලක ගින්නෙන් කොරෝනා ආසාදිතයන් 18ක් මරුට

ඉන්දියාවේ ගුජරාට්, බාරුච් හි රෝහලක අද (01) දිනයේ අලුයම ඇති වූ ගින්නක් හේතුවෙන් කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 18ක් පමණ මියගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

එම රෝහලේ කොවිඩ්-19 සඳහා වෙන් කර තිබූ වාට්ටුවේ අලුයම 01ට පමණ මෙම ගින්න හට ගෙන තිබේ. 

එම රෝහල සිව් මහල් ගොඩනැගිල්ලක් වන අතර වෙනත් ගින්න ඇතිවන අවස්ථාවේ තවත් රෝගීන් 50ක් පමණ එම රෝහලේ සිට තිබේ. දැඩි ප්‍රයන්තයකින් අනතුරු ප්‍රදේශවාසීන් සහ ගිනි නිවන භටයන් එක්ව එම රෝගීන් 50 දෙනා ගලවා ගන්නට සමත්ව ඇති බව වාර්තා වෙයි.

කොරෝනා ආසාදිත රෝගීන් 12 දෙනෙකු පමණ ගින්න නිසා ඇති වූ අධික දූමාරය හේතුවෙන් මිය ගිය බවට පොලීසිය විසින් සඳහන් කර තිබේ.

අනිකුත් රෝගීන් සියලු දෙනා අසළ පිහිටි රෝහල් වෙත ඇතුළත් කර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?