2024 මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබාදීමට තිබූ කාලය අද මැදියම් රැයෙන් අවසන්

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව ඉදිරිපත් වූ අපේක්ෂකයින් සහ පක්ෂ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු ‘ ආදායම් හා වියදම් වාර්තා’ භාරදීම අද (06) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.එම්. ඒ. රත්නායක මහතා පැවසුවේ; මෙම දිනය දීර්ඝ කිරීමේ හැකියාවක් කිසිදු අයුරකින් 2023 අංක 03 දරණ වියදම් නියාමන පනතට අනුව කොමිෂන් සභාවට සතු නොවන බවයි.

එබැවින් අද දිනය නිමාවීමට පෙර සිය මැතිවරණ කටයුතුවල වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට හෝ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදෙන ලෙස කොමිසමේ සභාපතිවරයා දැනුම්දුන්නා.

මේ වනවිට මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 8361 දෙනාගෙන් 1985 දෙනෙකු පමණක් සිය වියදම් වාර්තා ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ; දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 690කින් වියදම් වාර්තා පිරිනමා ඇත්තේ 106 දෙනෙකු බවයි.

ජාතික ලැයිස්තුවේ නාමයෝජනා දුන් 527 දෙනාගෙන් 57 දෙනෙකු පමණක් සිය වියදම් වාර්තා ලබාදීමට දෙසැම්බර් 03 වන විට කටයුතු කර තිබෙනවා.

එබැවින් අද මධ්‍යම රාත්‍රියට පෙර සිය වියදම් වාර්තා ලබා නොදෙන දේශපාලන අපේක්ෂකයින්ට, පක්ෂල්වට එරෙහිව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ වගන්ති 8 (අ) ප්‍රකාරව දණ්ඩ නීති සංග්‍රහයට අනුව නීතිපතිගේ උපදෙස් මත පොලිසියට අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය හිමිවන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56