2024 මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබාදීමට තිබූ කාලය අද මැදියම් රැයෙන් අවසන්

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව ඉදිරිපත් වූ අපේක්ෂකයින් සහ පක්ෂ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු ‘ ආදායම් හා වියදම් වාර්තා’ භාරදීම අද (06) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.එම්. ඒ. රත්නායක මහතා පැවසුවේ; මෙම දිනය දීර්ඝ කිරීමේ හැකියාවක් කිසිදු අයුරකින් 2023 අංක 03 දරණ වියදම් නියාමන පනතට අනුව කොමිෂන් සභාවට සතු නොවන බවයි.

එබැවින් අද දිනය නිමාවීමට පෙර සිය මැතිවරණ කටයුතුවල වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට හෝ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදෙන ලෙස කොමිසමේ සභාපතිවරයා දැනුම්දුන්නා.

මේ වනවිට මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 8361 දෙනාගෙන් 1985 දෙනෙකු පමණක් සිය වියදම් වාර්තා ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ; දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 690කින් වියදම් වාර්තා පිරිනමා ඇත්තේ 106 දෙනෙකු බවයි.

ජාතික ලැයිස්තුවේ නාමයෝජනා දුන් 527 දෙනාගෙන් 57 දෙනෙකු පමණක් සිය වියදම් වාර්තා ලබාදීමට දෙසැම්බර් 03 වන විට කටයුතු කර තිබෙනවා.

එබැවින් අද මධ්‍යම රාත්‍රියට පෙර සිය වියදම් වාර්තා ලබා නොදෙන දේශපාලන අපේක්ෂකයින්ට, පක්ෂල්වට එරෙහිව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ වගන්ති 8 (අ) ප්‍රකාරව දණ්ඩ නීති සංග්‍රහයට අනුව නීතිපතිගේ උපදෙස් මත පොලිසියට අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය හිමිවන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12