හෙට දිනයේ යළිත් සුළි කුණාටුවක් ? – අදත් වැසි වාර කිහිපයක් (වීඩියෝ)

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළඟේ සංසරණය තීව්‍ර වීම හේතුවෙන් සුළි කුණාටුවක ලක්ෂණ ඇති විය හැකි බව යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශාධිපති සහ සහතිකලත් කාලගුණ විද්‍යාඥ කලනිධි නාගමුත්තු ප්‍රදීපරාජා මහතා පවසනවා.

හෙට (07) දිනයේ දී මෙම කැලඹීම ඇති විය හැකි බවයි ප්‍රදීපරාජා මහතා අනතුරු අඟවා ඇත්තේ.

මෙම අනතුරු ඇඟවීම ඊයේ (05) දිනයේ දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා විසින් ද සිදු කරනු ලැබුවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වල මේ හේතුවෙන් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් සඳහන්.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ප්‍රවණාත්වක් ද පවතිනවා.

සෙසු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි අතර ගිගුරුම් සහිත
වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරුවලින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
5
+1
10
+1
6
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?