අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය සත්කාරකයින්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගයේ දෙවැනි හා අවසන් තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට හිමිවුණා.

මීට ටික වේලාවකට පෙර (05) Gqeberha ක්‍රීඩාංගණයේ දී තරගයේ කාසියේ වාසිය හිමිකරගනිමින් දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාව ගැන තවදුරටත් බලාපොරොත්තු තබා ගත හැකි තීරණාත්මක ටෙස්ට් තරගයක් ලෙසට අද තරගය දෙපිළටම වැදගත් වනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 01.30ට ආරම්භ වනු ඇති.

දකුණු අප්‍රිකාව; ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය පසුගියදා විශිෂ්ට ලකුණු 233කින් ජය ගත්තා.

කෙසේ නමුත් අද තරගයට දකුණු අප්‍රිකාවේ සුපිරි වේග පන්දු ක්‍රීඩකයෙකු මෙන් ම පිතිකරුවෙකු වන කොට්සෙ සහ මල්ඩර් එක් නොවනු ඇති.

ඒ වෙනුවට වේග පන්දු ක්‍රීඩක ඩේන් පැටර්සන් එක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු කර නැහැ.

කෙසේවෙතත් ක්‍රීඩා විචාරකයින් පෙන්වාදෙන්නේ Gqeberha ක්‍රීඩාංගණය වේග පන්දු යවන්නන්ගේ නිජබිමක් ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18