Empty Ad
Empty Ad
AFC Banner

හොරාට එකලස් කළ ජීප් රථයක් පොල්ගස්ඕවිට ගරාජයකින් මතුවෙයි – අයිතිකරු හිමිනමක්

නීති විරෝධීව එකලස් කරන ලද ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (30) සොයාගත්තා.

පොල්ගස්ඕවිට, කුඩමාදූව පාරේ පිහිටි වාහන අලුත්වැඩියා කරන ගරාජයක තිබී මෙම ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථය සොයාගත් බවයි වාර්තා වුණේ.

මෙම ජීප් රථය සම්බන්ධයෙන් එම ගරාජයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු පවසා ඇත්තේ මහරගම ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් විසින් මීට වසර එක හමාරකට පමණ පෙර ලෑන්ඩ් රෝවර් වර්ගයේ චෙසියක්, ටයර් 04ක් ගෙනැවිත් ජීප් රථයක් සකස් කිරීමට භාරදුන් බවයි.

ජීප් රථය එකලස් කිරීම සඳහා පැරණි එන්ජිමක් සහ අනෙකුත් කොටස් ද විවිධ ප්‍රදේශවලින් හිමිනම විසින් ගෙනවිත භාරදුන් බව ගරාජයේ හිමිකරු අනාවරණය කර තිබෙනවා.

මෙම අතර මෙම ජීප් රථයේ හිමිකරු බව කියන මහරගම ප්‍රදේශයේ හිමිනමගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ගරාජයේ සේවකයකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

ජීප් රථය සමඟ ගරාජයට ගෙනවිත් දී තිබූ පැරණි එන්ජිම හා නීති විරෝධී ලෙස එකලස් කරන ලද ජීප් රථය සමඟ ඉදිරිපත් කර තිබූ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ මුල් ලේඛනය කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?