හොරාට එකලස් කළ ජීප් රථයක් පොල්ගස්ඕවිට ගරාජයකින් මතුවෙයි – අයිතිකරු හිමිනමක්

නීති විරෝධීව එකලස් කරන ලද ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (30) සොයාගත්තා.

පොල්ගස්ඕවිට, කුඩමාදූව පාරේ පිහිටි වාහන අලුත්වැඩියා කරන ගරාජයක තිබී මෙම ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථය සොයාගත් බවයි වාර්තා වුණේ.

මෙම ජීප් රථය සම්බන්ධයෙන් එම ගරාජයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු පවසා ඇත්තේ මහරගම ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් විසින් මීට වසර එක හමාරකට පමණ පෙර ලෑන්ඩ් රෝවර් වර්ගයේ චෙසියක්, ටයර් 04ක් ගෙනැවිත් ජීප් රථයක් සකස් කිරීමට භාරදුන් බවයි.

ජීප් රථය එකලස් කිරීම සඳහා පැරණි එන්ජිමක් සහ අනෙකුත් කොටස් ද විවිධ ප්‍රදේශවලින් හිමිනම විසින් ගෙනවිත භාරදුන් බව ගරාජයේ හිමිකරු අනාවරණය කර තිබෙනවා.

මෙම අතර මෙම ජීප් රථයේ හිමිකරු බව කියන මහරගම ප්‍රදේශයේ හිමිනමගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ගරාජයේ සේවකයකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

ජීප් රථය සමඟ ගරාජයට ගෙනවිත් දී තිබූ පැරණි එන්ජිම හා නීති විරෝධී ලෙස එකලස් කරන ලද ජීප් රථය සමඟ ඉදිරිපත් කර තිබූ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ මුල් ලේඛනය කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16