විදුලි රැහැනක පැටලී මුරකරු මිය ගිහින්

කොත්මලේ පොලිස් වසමට අයත් වෙදමුල්ල අලුත් කොටසේ එළවළු වගාකර තිබූ භූමියකට ඇද තිබූ සූර්යකෝෂ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම වගාබිමේ මුරකරු ලෙස රාජකාරී කළ වයස අවුරුදු 67ක පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

එළවළු වගා භූමියක් සතුන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා සූර්යකෝෂ විදුලි ආධාරයෙන් ඇද තිබූ විදුලි රැහැනක මෙම පුද්ගලයා පැටලී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා විදුලි රැහැනේ පැටලී මියගොස් සිටිය දී වතු කම්කරුවන් පිරිසක් විසින් දැක ඒ පිළිබඳව කොත්මලේ පොලිසියට දැනුම් දී තිබෙනවා.

ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?