විදුලි රැහැනක පැටලී මුරකරු මිය ගිහින්

කොත්මලේ පොලිස් වසමට අයත් වෙදමුල්ල අලුත් කොටසේ එළවළු වගාකර තිබූ භූමියකට ඇද තිබූ සූර්යකෝෂ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම වගාබිමේ මුරකරු ලෙස රාජකාරී කළ වයස අවුරුදු 67ක පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

එළවළු වගා භූමියක් සතුන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා සූර්යකෝෂ විදුලි ආධාරයෙන් ඇද තිබූ විදුලි රැහැනක මෙම පුද්ගලයා පැටලී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා විදුලි රැහැනේ පැටලී මියගොස් සිටිය දී වතු කම්කරුවන් පිරිසක් විසින් දැක ඒ පිළිබඳව කොත්මලේ පොලිසියට දැනුම් දී තිබෙනවා.

ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22