දැදුරු ඔය සහ මහවැලි ගං දෝණියේ ගංවතුර අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

දැදුරු ඔය ද්‍රෝණිය සහ මහවැලි ගඟ දෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ග මෙන්ම විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන් දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයින පුරා වර්ෂාපතන තත්ත්වයේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් සහ ගංගාවල ජල මට්ටම්වල සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?