ජනවාරියේ සිට අප්‍රේල් දක්වා අතුරු සම්මත ගිණුමකට කැබිනට් අනුමැතිය (වීඩියෝ)

2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වන අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා.

මේ වනසිට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළා.

අදාළ අතුරු සම්මත ගිණුම සඳහා වන පාර්ලිමේන්තු විවාදය දෙසැම්බර් 05 සහ 06 යන දිනවල දී පැවැත්වීමටයි දින නියමව ඇත්තේ.

මෙම වසරේ ඉදිරි කාලය තුළ ඇතැම් අත්‍යවශ වියදම් දැරීම හා ගිණුම්ගත කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන, පරිපූරක ඇස්තමේන්තුවක් මගින් සලසා ගත යුතුව ඇති බැවින් ඒ සඳහා හඳුනාගනු ලැබූ ඇතැම් වියදම් 2024 අනුමත විදයම් ඇස්තමේන්තු සීමාව තුළ ප්‍රතිපාදන ගැලපීම මගින් සිදුකිරීමට හැකියාව පවතින බව ද ඔහු මෙහිදී පැවසුවා.

ඒ, අනුව රුපියල් මිලියන 219,373ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා වන යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42