Empty Ad
Empty Ad
 Empty Ad

ජනතා අපේක්ෂාවන් උපරිමයෙන් ඉටු කිරීම මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන අපේක්ෂාව විය යුතුයි – අගමැතිනිය

ජනතා අභිලාශයන් වඩාත් තීව්‍රව ඇති මොහොතක එම අපේක්ෂා ඉටු කිරීමට පාර්ලිමේන්තු ක්‍රමවේදයන් පිළිබඳ පරිචය ඉතා වැදගත් බව කථානායක අශෝක රන්වල පවසනවා.

දසවැනි පාර්ලිමේන්තුවට අභිනවයෙවන් තේරී පත්වූ මන්ත්‍රීවරයන් වෙනුවෙන් සංවිධානය කර තිබෙන දැනුවත් කිරීමේ වැඩමුළුවේ අද (25) පැවති සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් කථානායකවරයා මේ බව පැවසුවා.

පාර්ලිමේන්තුව තුළ විවිධ පක්ෂ සහ දේශපාලන නියෝජිතයන් සිදුකරන සංවාද තුළින් ජනතාවට සේවය කිරීමට පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යනාදිය පිළිබඳව මනා අවබෝධය සහ දැනුම අත්‍යවශ්‍ය බැවින් මෙවැනි වැඩමුළුවක් සංවිධානය කිරීම ඉතා වැදගත් බවත් සඳහන් කළ කථානායකවරයා පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙත සිය ස්තුතිය පළ කළා.

මෙම අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ ජනතාව ඉතාම ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දී ඇති මොහොතක ජනතා අපේක්ෂාවන් උපරිමයෙන් ඉටු කිරීම සියලු මන්ත්‍රීවරයන්ගේ ප්‍රධාන අපේක්ෂාව විය යුතු බවයි.

පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාව තුළ තිබූ මතය වෙනස් කරමින් යන ගමනේ දී මන්ත්‍රීවරයාට විශාල වගකීමක් පැවරෙන බව ද ඇය පෙන්වා දුන්නා.

පසුගිය කාලවකවානුව තුළ සිදු වූ දේශපාලන, සමාජ පරිවර්තනයෙන් මහජනතාව තුළ තිබෙන දේශපාලන පරිනතභාවය පිළිබිඹු වන බවත්, එම පණිවිඩය තේරුම් ගත් පිරිසක් ලෙස මහජන නියෝජිතයන්ට සුවිසාල වගකීමක් නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ට පවතින බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

ඒ සඳහා කැපවීමෙන් වැඩ කරන ලෙසත් මෙම වැඩමුළුව සඳහා ඒ සඳහා රුකුලක් බවත් ඇය පෙන්වා දුන්නා.

මෙවර පාර්ලිමේන්තුව, මෙරට ඉතිහාසයේ සුවිශේෂි පාර්ලිමේන්තුවක් බවත් වැඩිම කාන්තා නියෝජනයකින් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් 22කින් සමන්විත පාර්ලිමේන්තුවක් වීම වඩාත් සාධනීය ඉදිරි පියවරක් බවත් සඳහන් කළා.

විවෘත පාර්ලිමේන්තු සංකල්පය ශක්තිමත් කරමින්, මහජන නියෝජිතයන් හරහා කෙරෙන කාර්ය භාරය පුරවැසියාට වඩාත් සමීප කිරීමට කටයුතු කළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී අවධාරණය කර සිටියා.

මන්ත්‍රීවරයන් ලෙස පාර්ලිමේන්තු ක්‍රමවේදය, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව මනා අවබෝධයකින් යුක්ත විය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයන් 162 ක්ම නවක මන්ත්‍රීවරයන් වීම දසවැනි පාර්ලිමේන්තුවේ සුවිශේෂී ලක්ෂණයක් බව පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම් කුෂානි රෝහණදීර පැවසුවා.

සුවිශේෂී දැනුමක් ඇති, අත්දැකීම් බහුල නිලධාරීන්ගේ සම්පත් දායකත්වය ඔස්සේ පවත්වනු ලබන මෙම වැඩමුළුවෙන් සියලුම මන්ත්‍රීවරයන් උපරිම ප්‍රයෝජන ගනු ලබනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවට මහ ‌ලේකම්වරිය තවදුරටත් සඳහන් කර සිටියා.

මෙහිදී පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම් කුෂානි රෝහණදීර විසින් පාර්ලිමේන්තු ක්‍රමවේදය සහ පරිචයන් පිළිබඳව මන්ත්‍රීවරයන්ට පැහැදිළි කිරීමක් සිදුකළ අතර, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසින් පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳව දැනුවත් කිරීම සිදුකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී විදුලි බිලෙන් සහනයක් /විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට මීට පසුව BONUS එපා#npp #akd
05:12
Video thumbnail
දෙමටගොඩ ගොඩනැගිල්ලක ගින්නක්
01:18
Video thumbnail
අහෝ විපක්ෂ නායකතුමනි ! යන්නේ කොහෙද මල්ලේ පොල් - Blackout #sajithpremadasa #madukapathirana #sjb #npp
02:53
Video thumbnail
සිලින්ඩරය පැත්තකට දාලා අලුත් පක්ශයක් හදාගන්න ඕනේ
12:39
Video thumbnail
පාර ලිස්සායාමෙන් ජීප් රථයක් ඇළකට පෙරළෙයි
00:57
Video thumbnail
උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීමට දැනටමත් රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
11:41
Video thumbnail
ජනපතිගෙන් විසඳුම් ඉල්ලා යාපනය සිට ආ පිරිස
01:51
Video thumbnail
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරන අමාත්‍යාංශයට පැමිණි ජනාධිපතිගෙන් හදීසියේ විශේෂ පණිවිඩයක් #akd #npp
03:06
Video thumbnail
අනුරගේ බැනර් අරගෙන කොල්ලෝ කෙල්ලෝ මහ පාරේ - කෝ මේවට විසඳුම් - බලධාරීන් බුදිද ?
02:02
Video thumbnail
රනිල් - සජිත් එකතුවෙයි.. රෝහිත, චාමර දොට්ට
18:23

?