වේයන්ගොඩ පොළොව හාරලා හෙව්වේ නිධානයක් නෙවෙයි – පුරාවිද්‍යා සංස්කෘතික කටයුතු ඇමති (වීඩියෝ)

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ කිසිඳු ආකාරයකින් නිධානයක් ගොඩගැනීමට කැනීම් කටයුත්තක් සිදුනොකළ බව ආගමික හා පුරාවිද්‍යා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිමිදුම සුනිල් සෙනෙවි පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ එය රජයේ මූලිකත්වයෙන් සිදුකළ කැනීම් කටයුත්තක් බවයි.

මෙය කිසිඳු අත්තනෝමතික මැදිහත්වීමකින් තොරව නෛතික අනුග්‍රහය සහ අවසරයක් යටතේ සිදුකළ රාජ්‍ය කටයුත්තක් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

බලංගොඩ, මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානයට ඊයේ (23) පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අධිකරණයෙන් ලැබුණු අවසරයක් මත දින තුනක කාලයක් මධ්‍යම අධිවේගී මාර්ගය ගමන් ගන්නා වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ මහා පරිමාණ කැනීම් කටයුත්තක් සිදු කළේ රාජ්‍ය ආයතන කිහිපයකම අධීක්ෂණය සහ මැදිහත්වීම යටතේයි.

එම කැනීම් කටයුතු සිදුකළ තුන්වන දිනය වූ ඊයේ (23) දින පස්වරුවේ එය අවසන් කළ අතර එහිදී කිසිම විශේෂ දෙයක් සොයාගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් මෙම කැනීම් කටයුත්ත සඳහා අවසර ලබාදුන් අත්තනගල්ල අධිකරණයට මේ පිළිබඳව එළඹෙන අඟහරුවාදා දිනයේ දී කරුණු වාර්තා කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42