Empty Ad
AFC Banner
Empty Ad

IPL ක්‍රීඩක වෙන්දේසිය අද

2025 අයි.පී.එල් තරගාවලිය අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද (24) පැවැත් වෙනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, මෙවර එය පැවැත්වෙන්නේ සෞදි අරාබියේ ජෙඩා හිදීයි.

2025 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දෙසිය වෙනුවෙන් ඉන්දියානු ක්‍රීඩකයින් 367ක් සහ විදෙස් ක්‍රීඩකයින් 210ක් ඇතුළුව ක්‍රීඩකයින් 577ක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

දින දෙකක් පුරා පැවැත්වෙන මෙවර වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 204 දෙනෙකු මිලදී ගැනීමට නියමිත අතර, ඒ සඳහා කණ්ඩායම 10ක් ඉදිරිපත්ව සිටිනවා.

මෙහිදී මිල දී ගැනීමට නියමිත විදෙස් ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 70ක්.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර සෑම කණ්ඩායමකට ක්‍රීඩකයින් 10 දෙනෙක් සිය කණ්ඩායම තුළ රඳවා ගැනීමට අවසර ලබා දී තිබුණා.

මෙවර ක්‍රීඩක වෙන්දේසියට වනිදු හසරංග, මහිෂ් තීක්ෂණ, නුවන් තුෂාර ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 19 දෙනෙකු තිරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
<p>?</p>