යාපනය දිස්ත්‍රික්කයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් (ඡායාරූප)

උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 1,901 කට අයත් පුද්ගලයින් 7,010 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසනවා.

ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ බවයි වාර්තා වන්නේ.

වර්ෂාවත් සමඟ ඇති වූ ජලගැලීම් හේතුවෙන් ජනතාව වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර, මුලතිව්, සිරාට්ටිකුලම ප්‍රදේශයේ දී පරංගි ආරු ඇල මාර්ගය උතුරායාම හේතුවෙන් ගම්මානයට පිවිසීමට ඇති මාර්ගය හරහා ගමනාගමනට බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර පවතින වර්ෂාව හේතුවෙන් මුහුදු සීමාව රළුව ඇති බැවින් උතුරු පළාතේ ධීවර ජනතාවට මුහුදු නොයන ලෙසට දැනුම්දී ඇති බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළා.

පැවති ජල ගැලීම් හේතුවෙන් විශාල ප්‍රමාණයේ කිඹුලෙකු යාපනය නල්ලූර් ප්‍රදේශයේ කෝවිලක් අසළට පැමිණ සිටිය දී වනජිවි නිලධාරීන් පැමිණි එම සතවයාව අල්ලාගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?