යාපනය දිස්ත්‍රික්කයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් (ඡායාරූප)

උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 1,901 කට අයත් පුද්ගලයින් 7,010 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසනවා.

ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ බවයි වාර්තා වන්නේ.

වර්ෂාවත් සමඟ ඇති වූ ජලගැලීම් හේතුවෙන් ජනතාව වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර, මුලතිව්, සිරාට්ටිකුලම ප්‍රදේශයේ දී පරංගි ආරු ඇල මාර්ගය උතුරායාම හේතුවෙන් ගම්මානයට පිවිසීමට ඇති මාර්ගය හරහා ගමනාගමනට බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර පවතින වර්ෂාව හේතුවෙන් මුහුදු සීමාව රළුව ඇති බැවින් උතුරු පළාතේ ධීවර ජනතාවට මුහුදු නොයන ලෙසට දැනුම්දී ඇති බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළා.

පැවති ජල ගැලීම් හේතුවෙන් විශාල ප්‍රමාණයේ කිඹුලෙකු යාපනය නල්ලූර් ප්‍රදේශයේ කෝවිලක් අසළට පැමිණ සිටිය දී වනජිවි නිලධාරීන් පැමිණි එම සතවයාව අල්ලාගෙන ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27