උඩවලව වනෝද්‍යානයේ ගංජා හේන් 03ක් වටලයි

උඩවලව ජාතික වනෝද්‍යානයේ නීති විරෝධීව වගාකරන ලද ගංජා හේන් 03ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

අක්කරයක පමණ භූමි ප්‍රදේශයක වගාකරන ලද මෙම ගංජා හේන් වැටලීම ඊයේ (23) දින සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එහි දී නීති විරෝධීව වගාකර තිබූ ගංජා ගස් 14,105ක් පමණ අඩංගු ගංජා හේන් 03ක් ගිනි තබා විනාශ කිරීමටයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති විජේසිංහගේ මෙහෙයවීම මත, විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ කදවුර අණ දෙන නිලධාරි පොලිස් පරීක්ෂක පී.ආර්.එස් නුවන් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14