අයියා මලෝ මියගිය කුලියාපිටියේ V8 ජීප් රථ අනතුර ගැන තවත් තොරතුරු හෙළිවෙයි

කුලියාපිටිය – හෙට්ටිපොළ ප්‍රධාන මාර්ගයේ කඹුරාපොල, බුජ්ගමුව පාලමෙන් සුඛෝපභෝගී V8 වර්ගයේ ජීප් රථයක් පෙරළී ගොස් සිදු වූ අනතුරකින් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ තරුණයින් දෙදෙනා විදෙස් ගතව උසස් අධ්‍යාපනය ලබමින් සිටිය දී මීට සති දෙකකට පමණ පෙර දිවයිනට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ජීවිතක්ෂයට පත් වූ සහෝදරයින් දෙදෙනාගෙන් 27 හැවිරිදි නිර්මාල් ධනංජය ජපානයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිට ඇති අතර 25 හැවිරිදි ඉෂාන්ත පියුමාල් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිට තිබෙනවා.

කුලියාපිටිය දෙස සිට හෙට්ටිපොල දෙසට ධාවනය වූ මෙම V8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය අද (23) අලුයම එකට පමණ බුජ්ගමුව පාලමෙන් පහළට පෙරළී අනතුරට ලක්ව තිබුණා.

අනතුරින් පසු ජීප් රථය පැය හයක පමණ මෙහෙයුමකින් අනතුරුව ගොඩගත් අතර, ඒ වනවිටත් රථය තුළ සිරවී සිටි තරුණයින් දෙදෙනා ජීවිතක්ෂය පත්ව සිටියා.

ජීවිතක්ෂය පත්ව සිටි ඔවුන්ගේ සිරුරු රැගෙන ගියේ කුලියාපිටිය රෝහලටයි.

වෙන්නපුව ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වී යළි කොබෙයිගනේ ප්‍රදේශයේ පිහිටි නිවස වෙත යමින් සිටිය දී මොවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර අනතුර සිදුවන් අවස්ථාවේ දී මොවුන් දෙදෙනා බීමතින් සිට ඇත්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂා කිරීමට රුධිර සාම්පල ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
20
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?