ආගමික හා පුරාවිද්‍යා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිමිදුම සුනිල් සෙනෙවි ඊයේ (22) පස්වරුවේ මීරිගම මිණිඔළුව ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරය වෙත පැමිණියා.
ඒ, රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මකුලෑවේ විමල නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගැනීම වෙනුවෙන්.
මහ නා හිමියන් බැහැදැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
මේ වනවිට ගොඩගැනීම ආරම්භ කර ඇති වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ නිධානය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ස්ථාවරය පිළිබඳව එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් අධ්‍යයනයකින් තොරව ප්‍රකාශයක් ලබාදීම අපහසු බවයි.
ඒ, අනුව මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමෙන් පසු ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව සඟවා ඇති බව කියන නිධානයක් සොයා අධිකරණ නියෝගයක් මත පෙරේදා කැනීම් කටයුතු ආරම්භ කළා.














Matath kiyanda thiyenne pariksanaya awasan unama pilithuru dena bawayi
Since it’s a court decision , We can’t criticize. But police should have acted more sensibly.
Mara wade kiyanne nidan haranda Dan usawi niyogath denawa