එකම පවුලේ අයියයි – මල්ලියි යතුරුපැදි අනතුරකින් මරුට

යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් සහෝදරයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ මුලතිව් – මන්කුලම්, වේලාන්කුලම් ප්‍රදේශයේ දීයි.

මුලතිව් – මාන්කුලම් සිට මල්ලාවි දෙසට යතුරුපැදියකින් එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු ගමන් කර ඇති අතර; ඊට විරුද්ධ දෙස සිට තවත් තරුණයෙකු පදවාගෙන ආ යතුරුපැදිය සමග මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු ව තිබෙනවා.

අනතුරින් එක් යතුරුපැදියක ගමන් කළ සහෝදරයින් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අනෙක් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් පොලිසිය පවසනවා.

තුවාලකරුගේ තත්ත්වය බරපතළ බැවින් මේ වනවිට (21) ඔහු කිලිනොච්චිය මහ රෝහලට මාරුකර යැවීමටයි පියවර ගෙන ඇත්තේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු වූ 20 හා 23 හැවිරිදි විජයකුමර් විදුසන් සහ ජෙයකුමර් විදුසන් නමැති දෙදෙනකුයි.

අනතුරට හේතුව යතුරුපැදි දෙකෙහිම අධික වේගය බවත් පරීක්ෂණවලින් හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12