රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නුදුරේදීම ඉන්දියාවට පැමිණීමට නියමිත බවට ක්‍රෙම්ලිනය අද ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා පැමිණෙන දින වකවානු පිළිබඳව තවමත් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නැහැ.
එමෙන්ම සංචාරයේ න්‍යාය පත්‍රය පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවක් හෙළි නොකිරීමටයි ක්‍රෙම්ලිනය කටයුතු කර ඇත්තේ.
කෙසේ වෙතත් ලබන වසරේ මුල් භාගයේ දී මෙම සංචාරය සිදුවනු ඇති බවයි ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ.
ජනාධිපති පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවසන් වරට හමු වී ඇත්තේ රුසියාවේ කසාන් නුවර පැවති බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව අතර වාරයේයි.













