Empty Ad
Empty Ad
 Empty Ad

උතුරට මිලි මීටර් 100ට වැඩි තද වැසි – සබරගමුව සහ බස්නාහිරටත් වැස්ස සැරවෙයි

දිවයිනේ උතුරු ප්‍රදේශයේ වැසි සහිත කාලගුණ තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මන නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ, අනුව ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඊට අමතරව සබරගමුව සහ බස්නාහිර පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රවේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?