වනිඳු යළිත් ඉහළට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි විස්ස පන්දු යවන්නන් අතර දෙවන තැනට පැමිණීමට ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට හැකියාව ලැබී තිබෙනවා.

ඒ, අනුව වනිඳු ස්ථානය හතරක් ඉදිරියට පැමිණ මෙලෙස දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

නවසීලන්තය සමඟ නිමා වූ තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දී ඔහු දැක් වූ දක්ෂතා මත විස්සයි විස්ස පන්දු යවන්නන් අතර ඉදිරියට පැමිණීමට මෙලෙස හැකියාව ලැබී තිබෙනවා.

වනිඳු එම තරගාවලියේ දී කඩුලු 06ක් බිඳ දැමුවා.

මේ අතර නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ එංගලන්ත දඟපන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ් පසුවනවා.

එමෙන්ම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයේ පසු වූ මහීෂ් තීක්ෂණ එක් ස්ථානයක් පහළට ගොස් මේ වනවිට සිව්වන ස්ථානයේ රැඳී සිටිනවා.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තට නඩු, අම්මට නඩු, මල්ලිට නඩු - කතාකරන්න කළින් නඩුවලින් නිදහස් වෙලා එන්න
07:37
Video thumbnail
අධිකරණයේ බලය ජනපති නතු කරගන්න යන්නේ ? - සියල්ල යටපත් කරගෙන ඉන්නේ කුමන්ත්‍රණයකට
08:16
Video thumbnail
සිල්ලර වැඩ කරලා ගොවියාව නවත්වන්න බෑ - සෙල්ලම් දාන්න එන්න එපා
06:31
Video thumbnail
චීන සහෝදරත්වයේ සෙනෙහස රැගෙන චීන තානාපති දිලිත්ගේ ගමට
05:45
Video thumbnail
පරණ මන්තරයම ජප කරන්න හදන්නේ දෙවෙනි ඉනිම ජයග්‍රහණය කරන්න - ජනපතිට කිසිම දැක්මක් නෑනේ
04:34
Video thumbnail
සජිත් ජනාධිපති වුණා නම්, අද මන් විනාඩියක්වත් පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ
09:52
Video thumbnail
ගොවියෝ එකතුවෙලා මේ ආණ්ඩුව පෙරළනවා
07:58
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21