Empty Ad
Empty Ad
 Empty Ad

නොවැම්බර් 30ට කලින් හිඟ බදු මුදල් නොගෙව්වොත් බලපත්‍ර අහෝසියි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

රජයට ගෙවිය යුතු හිඟ බදු මුදල් මේ මස 30 වනදාට පෙර ගෙවීමට අපොහොසත් වුවොත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (13) කැඳවූ අවස්ථාවේදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා විසින් මෙම දැනුම්දීම සිදු කළා.

ඒ පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම, රෝයල් ඩිස්ටිලරිස් ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් 05ක් විසින් ගෙවිය යුතු හිඟ බදු මුදල් මේ මස 30 වනදාට පෙර ගෙවීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බවයි.

එසේ හිඟ බදු මුදල් ගෙවීමට අපොහොසත් වුවොත් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

ඉන් අනතුරුව මෙම පෙත්සම ලබන ජනවාරි 22 වනදා කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් වගඋත්තරකරුවන්ට නියෝග කෙරුණා.

මෙම සමාගම් පහ විසින් ගෙවීම පැහැර හැර ඇති බදු මුදල්වල වටිනාකම රුපියල් බිලියන හයකට ආසන්න බවද නඩු වාර්තාවේ සඳහන්.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් දිගින් දිගටම ගෙවීම පැහැර හැරීම නිසා ජාතික අර්ථිකයට විශාල අගතියක් සිදුවී ඇති බවයි.

ඒ අනුව අදාළ බදු මුදල් අයකරගන්නා ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් එසේ බදු ගෙවීම පැහැර හරිනු ලබන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට අත්දැකීම් තියෙනවා - නලීන් බණ්ඩාරගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
01:46
Video thumbnail
ජනාධිපති අනුර කුමාර තවමත් ඉන්නේ රනිල්ගේ වැල් පාලමේම තමයි
02:49
Video thumbnail
මේ බොරුවට ඉඩ තියන්න එපා - අවුරුදු 26ක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය අපි
05:08
Video thumbnail
හම්බන්තොට නගර සභාවට ඉල්ලන්න තීන්දු කළොත් කියන්නම් - නාමල් කොරවෙයි
02:13
Video thumbnail
මේ රට ගොඩනැගීමේ අපේක්ෂාව සර්වප්‍රකාරයෙන් අපි සාර්ථක කරනවා - ඒක ස්ථීරයි - ලාල් සහෝදරයා ඒ වචනෙම ඇති
02:23
Video thumbnail
කළුතරට ඇවිල්ලා බලන්න පුලුවන් පැළේ වල්ද - පැළේ හොඳ පැළයක්ද කියලා
03:19
Video thumbnail
දේශපාලනිකව කුහක විදියට අපි හිතන්න නරකයි - ආය ගෝල්ෆේස් එකේ පෙළපාලි නැත#dilithjayaweera
03:38
Video thumbnail
අවුරුදු 05ක් මාධ්‍ය අපිට සහය දක්වයි කියලා අපි හිතනවා
01:09
Video thumbnail
ජනපතිගේ කතාවෙන් සජිත් පුදුමයට පත්වෙයි
07:40
Video thumbnail
සියලු වැඩ අවසන් කර ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවෙන් පිටව යාම
00:52

?