වංචනික ලෙස මුදල් කොල්ලකෑ නීතිඥවරියක් ඇතුළු දෙදෙනකුට ඇප

කොරියානු ජාතිකයකු සතු රුපියල් කෝටි 30කට අධික මුදලක් අන්තර්ජාලය ඔස්සේ වංචා සහගතව ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරුන් වශයෙන් කටයුතු කළ නීතිඥවරියක් ඇතුළු දෙදෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) නියෝග කළා.

කොළඹ හැව්ලොක් පාරේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක පවත්වාගෙන ගිය “වේව්ටෙක්” නමැති සමාගමක අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප මතයි මුදා හැරීමට නියම කෙරුණේ.

මෙරට කොරියානු තානාපති කාර්යාලය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් ඉකුත් අටවෙනි දින සැකකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනා ඇතුළු හැටකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන මීට පෙර දී අධිකරණය වෙත ඉදිරිපත් කිර තිබූ අතර සැකකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනා හැර සෙසු පිරිස ඇප මත මුදා හැර තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී සැකකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස හා ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ කළ කරුණු දැක්වීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට ඇප නියම කළා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ මෙම මූල්‍ය ගනුදෙනුවට හසු වූ බව කියන ව්‍යාපාරිකයා එම වංචා සිද්ධිය සම්බන්ධයෙන් මෙරට පිහිටි කිසිදු පොලිස් ස්ථානයක් වෙත හෝ අපරාධ විමර්ශන අංශයක් වෙත පැමිණිල්ලක් කර නොමැති බවත් සැකකාර අධ්‍යක්ෂකවරුන්ගේ ගිණුම්වලට වංචා සහගතව ලබා ගත් බව කියන කිසිදු මුදලක් බැර වී නොමැති බවයි.

අදාළ විමර්ශන නිලධාරීන් නිසි ලෙස විමර්ශන සිදු නොකර සිද්ධියට අදාළව සැකකරුවන් පනස් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥවරු අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20