වංචනික ලෙස මුදල් කොල්ලකෑ නීතිඥවරියක් ඇතුළු දෙදෙනකුට ඇප

කොරියානු ජාතිකයකු සතු රුපියල් කෝටි 30කට අධික මුදලක් අන්තර්ජාලය ඔස්සේ වංචා සහගතව ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරුන් වශයෙන් කටයුතු කළ නීතිඥවරියක් ඇතුළු දෙදෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) නියෝග කළා.

කොළඹ හැව්ලොක් පාරේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක පවත්වාගෙන ගිය “වේව්ටෙක්” නමැති සමාගමක අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප මතයි මුදා හැරීමට නියම කෙරුණේ.

මෙරට කොරියානු තානාපති කාර්යාලය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් ඉකුත් අටවෙනි දින සැකකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනා ඇතුළු හැටකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන මීට පෙර දී අධිකරණය වෙත ඉදිරිපත් කිර තිබූ අතර සැකකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනා හැර සෙසු පිරිස ඇප මත මුදා හැර තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී සැකකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස හා ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ කළ කරුණු දැක්වීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට ඇප නියම කළා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ මෙම මූල්‍ය ගනුදෙනුවට හසු වූ බව කියන ව්‍යාපාරිකයා එම වංචා සිද්ධිය සම්බන්ධයෙන් මෙරට පිහිටි කිසිදු පොලිස් ස්ථානයක් වෙත හෝ අපරාධ විමර්ශන අංශයක් වෙත පැමිණිල්ලක් කර නොමැති බවත් සැකකාර අධ්‍යක්ෂකවරුන්ගේ ගිණුම්වලට වංචා සහගතව ලබා ගත් බව කියන කිසිදු මුදලක් බැර වී නොමැති බවයි.

අදාළ විමර්ශන නිලධාරීන් නිසි ලෙස විමර්ශන සිදු නොකර සිද්ධියට අදාළව සැකකරුවන් පනස් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥවරු අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකම වෙලාවේ එකම ගුවන් යානයේ අනුර සහ නාමල් ?
00:43
Video thumbnail
අතරමං වෙච්ච අලි රෑනක් පලවා හැරිය හැටි කැමරාවේ සටහන් වෙයි
01:07
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්
06:07
Video thumbnail
අතරමං වෙච්ච අලි රෑනක් පලවා හැරිය හැටි කැමරාවේ සටහන් වෙයි...විශාල විනාශයක් වාසනාවකට නැවතුනා
03:26
Video thumbnail
ජනපති සිංහලෙන් කළ විශේෂ ප්‍රකාශය..
08:37
Video thumbnail
ජනපති සහ මාලදිවයිනේ ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඇරඹෙයි
01:16
Video thumbnail
මෛත්‍රීපාල ලක්ෂ 50ක මුදලක් ගසා කාලා?
02:59
Video thumbnail
රට තුළ ප්‍රමිතයක් නැති පොල්තෙල් විකිණෙනවා..කූට ව්‍යාපාරිකයන්ට අහුවෙන්න එපා..!!
04:44
Video thumbnail
බොරැල්ලේ සිදුවූ බිහිසුණු අනතුරේ CCTV දර්ශන මෙන්න ..දොඹකරයේ රියදුරා ගංජා බීලා පදවලා තියෙන්නේ?
00:54
Video thumbnail
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මාලදිවයින් රාජ්‍ය සංචාරයේ නිල පිළිගැනීමේ උත්සවය
09:16


?