Empty Ad
Empty Ad
AFC Banner

මුවමස් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට

රිටිගල රක්ෂිතයේ සැරිසරන මුවන් හා වනසතුන් දඩයම් කර මස් සඳහා අලෙවි කරනු ලබන ජාවාරමක් පිළිබඳ ව ගනේවල්පොල වනජීවි කාර්යාලයට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී මුවමස් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සැකකරුවන් සන්තකයේ තිබී විකිණීමට සූදානම් කර තිබූ මුවමස් කිලෝග්‍රෑම් 40ක් සොයා ගැනුණු බවයි.

සැකකරුවන් විකිණීම සඳහා දඩයම් කළ මුවාගේ හිස සහිත අං යුගල හා “මුවහම” ද සොයා ගැනුණු බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ හා මැදවච්චිය ප්‍රදේශයන් හි පදිංචිකරුවන් දෙදෙනෙක්.

ඔවුන් ගනේවල්පොල ප්‍රදේශයේ වැඩබිමක කොන්ත්‍රාත් සේවකයින් දෙදෙනෙකු ලෙස සේවය කරමින් සිටින අතර මෙම දඩමස් ජාවාරමේ නියැලී ඇති බවයි වනජීවි නිලධාරීන් පැවසුවේ.

එම මස් තොගය සමග සැකකරුවන්, කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 14 වන දින දක්වා රක්ෂිතය බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි - මිනිස් ගැටුමට ආණ්ඩුවෙන් ස්ථිර විසඳුමක්
04:45
Video thumbnail
සිරිපා කරුණාව ඇරඹෙයි - සමන් දේව ප්‍රතිමාව සහ පූජ භාණ්ඩ වැඩම කළ මාර්ගය දෙපස බැතිමතුන් විශාල පිරිසක්
03:39
Video thumbnail
හිටපු කථානායක පාර්ලිමේන්තුවෙන් දොට්ට..?
09:36
Video thumbnail
රටවල් වලින් ණය අරගෙන - තමන්ගේ නම හදාගත්තා - රෝහිත ඉදිරියේ නොකියා ඇන්න සැර ටොක්ක
05:30
Video thumbnail
යළි ගේමට බහින ශ්‍රීලනිපයේ සැලැස්ම
03:38
Video thumbnail
මුන් ඔක්කොම යාලුවෝ මල්ලී - නලින්ද ඉදිරියේ රෝහිතගෙන් සුපිරි කතාවක්
05:16
Video thumbnail
යතුරුපැදි අනතුරකින් තරුණයින් අවසන් ගමන් යයි
01:27
Video thumbnail
පොලිසියටත් සැර කරන අමුතු දොස්තර - දැන් ඉතිං අසරණ ලෙඩ්ඩු කාට කියන්නද මේ දුක
12:37
Video thumbnail
රෝහිත ඉස්සරහා තියාගෙන - නලින්ද ජයතිස්ස හොඳට දෙසයි - ආපු කට්ටිය මීක් නෑ...
13:24
Video thumbnail
දුම්මල වරම අතට ගත්තු ආශු මාලිමාව ෆ්ලැට් කරපු හැටි
08:22

?