Empty Ad
Empty Ad
 Empty Ad

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබාදීමට රජයේ අවධානය

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබාදීම සම්බන්ධයෙන් මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී අපොන්සු සහ ශ්‍රී ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) පවත්වා තිබෙනවා.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ණයගැතිභාවය නිසා මුහුණ දෙන ගැටලු පිළිබඳ මෙහි දී සාකච්ඡාවය කෙරුණා.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට අත්හිටුවා ඇති අතර, එය ලබන දෙසැම්බර් මස 15 වනදා කල් ඉකුත් වීමට නියමිතයි.

ඒ, සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා.

ආර්ථිකයේ නිෂ්පාදනය හැකියාව වර්ධනය කිරීම සඳහා බැංකු අංශයට ලබාදිය හැකි සහායද, මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලබාගෙන ඇති ණය සම්බන්ධව ද මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබාගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය වුණා.

මේ වන විට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දී තිබෙන ණය නැවත අය කර ගැනීම තාවකාලික අත්හිටුවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?