අම්පාර – ලාහුගල රක්‍ෂිතයේ පිහිටා ඇති නැගෙනහිර පළාතේ විශාලතම දාගැබ ලෙස සැලකෙන ඓතිහාසික නීලගිරි චෛත්‍යරාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අද (10) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දශක තුනකට අධික කාලයක් කිසිවෙකුගේ අවධානයට ලක්නොවී අත්හැර දමා තිබූ නීලගිරි ස්ථුපයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් 2022 ජනවාරි මාසයේ දී ගුවන් හමුදා සාමාජිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් යළි ආරම්භ කළා.
මෙහිදී සෑරදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව එහි සිදුකෙරෙන සංවර්ධන කටයුතුවල වත්මන් ප්‍රගතිය පිළිබඳ සොයා බැලූ ලේකම්වරයා එහි ඉදිරි වැඩකටයුතු සිදුකරන ආකාරය පිළිබඳ ව්‍යාපෘතිය භාර නිලධාරීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.














ඉතාම අනර්ඝය. අවිහිංසා වාදී ජනතාව ට වන්දනාමාන කීරීමට බෞද්ධ ශාසනයේ උන්නතිය සදහා යමක් කීරීම සෑබෑ නායකත්වයේ ලක්ෂණයකි.