Friday, November 8, 2024
AFC Banner
Empty Ad
AFC Banner

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 11ක් පොලිස් අත්අඩංගුවේ

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මැතිවරණ අපේක්ෂකයින් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පොලීසියට මේ වන විට පැමිණිලි 340ක් ලැබී ඇති බවයි.

මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 364ක් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

අද (08) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම කරුණු අනාවරණය කළා.

මේ අතර වාහන 94ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි ඔහු මෙහිදී සදහන් කර සිටියේ.

මේ අතර පෝස්ටර් දසලක්ෂ හැත්තෑ දහසකට වැඩි ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර, නීති විරෝධීව රැගෙන ගිය පෝස්ටර් පන්ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්ද, පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊට අමතරව බැනර් 855ක් ඉවත් කර ඇති අතර, කටවුට් 1,010ක් ඉවත් කිරීමට සහ තවත් 1,322ක් පොලිස් භාරයටත් ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටක් ආදරය කළ පබ්ලිස් සිල්වාගේ පුත් නාමල් කොළඹින් දියවන්නාවට
00:00
Video thumbnail
පාසල් විභාග නවතීද ? අගමැතිගේ හෙළිදරව්ව මෙන්න
Video thumbnail
ගණිකා වෘත්තිය නීතිගත කරනවා ? - රෝසිගෙන් බය හිතෙන අනාවරණයක්
05:04
Video thumbnail
රන්ජන් රැළි වලට මිනිස්සු අදින්නේ මෙහෙමයි - හරියට ඉන්න තැනක්වත් නෑ - පව් දෙවියනේ
02:10
Video thumbnail
උගන්ඩාව ගැන කිව්වට - ඩුබායි සල්ලි ගැන කිව්වේ නෑනේ #npp #akd #namalrajapaksha #election
01:43
Video thumbnail
ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු ලෝකය වෙනස්වෙන හැටි #uselections2024 #trump #globalnews
12:46
Video thumbnail
සීයා හිරේ යන්න තනියට කට්ටිය හොයනවා #ranilwickremesinghe
01:32
Video thumbnail
අපි කියන්නේ, දෙනවා කිව්ව - සහන දියව්
04:52
Video thumbnail
මැතිවරණයෙන් පස්සේ මාලිමාවෙන් බිහිවන ආධ්‍යාත්මික නායකයා ගැන සජබයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
08:58
Video thumbnail
රෝසි සැරවෙයි අනුරට බැනගෙන බැනගෙන යයි - එක මිටට කාන්තාවාන්ට - ස්වයං රැකියා කියක් දෙනවද ?
03:53

?