මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 11ක් පොලිස් අත්අඩංගුවේ

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මැතිවරණ අපේක්ෂකයින් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පොලීසියට මේ වන විට පැමිණිලි 340ක් ලැබී ඇති බවයි.

මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 364ක් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

අද (08) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම කරුණු අනාවරණය කළා.

මේ අතර වාහන 94ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි ඔහු මෙහිදී සදහන් කර සිටියේ.

මේ අතර පෝස්ටර් දසලක්ෂ හැත්තෑ දහසකට වැඩි ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර, නීති විරෝධීව රැගෙන ගිය පෝස්ටර් පන්ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්ද, පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊට අමතරව බැනර් 855ක් ඉවත් කර ඇති අතර, කටවුට් 1,010ක් ඉවත් කිරීමට සහ තවත් 1,322ක් පොලිස් භාරයටත් ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන
01:15
Video thumbnail
🔴Breaking News
09:34
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන..ගම්මු වටවෙයි - පොලිසියත් එයි
02:13
Video thumbnail
භාණ්ඩාගාර සිද්ධියට වැඩ තහනම් වූ එක් අයෙක් අභිරහස් ලෙස එළොව යයි
00:51
Video thumbnail
🔴Breaking News
04:05
Video thumbnail
ඥානසාර හිමි පාස්කුව ගැන කිව්ව දේ..අහස පොළොව නුහුලන බොරු කියන්නේ..මහ ගුණමකු ජාතියක් මේ
02:48
Video thumbnail
වැඩ බැරි ගොඩේ හිටිය ප්‍රධාන කෙනෙක් ඉරාන්..තිස්සකුට්ටිගෙන් ක්‍රිකට් ගැන සැර කතාවක්..
02:35