කැන්ගරුවන්ගේ තරගාවලි ජය නැවතූ පාකිස්තානය – ආරම්භක පිතිකරුවන්ගෙන් විශිෂ්ට ඉනිමක්

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස ජය සමකරගන්නට පාකිස්තාන කණ්ඩායම මීට ටික වේලාවකට පෙර (08) සමත් වුණා.

ඒ දෙරට අතර අද පෙරවරුවේ ඇඩිලේඩ් හි දී ආරම්භ වූ දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 09ක විශිෂ්ට ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක මොහොමඩ් රිස්වාන් පළමුව පන්දු රැකීම තෝරාගත්තා.

ඒ අනුව ප්‍රබල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් පිටියට ආ ඔස්ට්‍රෙලියානු පිතිකරුවන්ට ශක්තිමත් සබඳතා ගොඩනැගීමට පාකිස්තාන වේග පන්දු බලඇණිය ඉඩක් දුන්නේ නැහැ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හරිස් රවුෆ් කඩුලු 05ක් දවා ගත්තේ ලකුණු 29ක් පමණක් ලබාදෙමින්.

ශහීන් ෂා අෆ්‍රිඩි කඩුලු 03ක් සහ මොහොමඩ් හස්නේන් සහ නෂීම් ෂා එක් කඩුල්ල බැගින් බිඳ දමමින් ඔස්ට්‍රෙලියා ලකුණු පුවරුව ලකුණු 163කට සියල්ලම සීමා කළා.

ජයග්‍රහණයට ලකුණු 164ක ඉලක්කයක් හඹා යෑම ඇරඹි පාකිස්තාන ආරම්භක පිතිකරු යුවල වන සයුබ් සහ අබ්දුල්ලා එක්ව පළමු කඩුල්ලට ලකුණු 137ක සබඳතාවක් ගොඩනැගුවෙ කැන්ගරු පන්දු යවන්නන්ට රිසි සේ පහරදෙමින්.

සයිම් අයුබ් ලකුණු 82ක් ලබාගත්තා.

ඔහු දැවී ගියේ ඇඩම් සම්පා යොමු කළ පන්දුවක් හමුවේයි.

අබ්දුල්ලා ශාෆිකි නොදැවී ලකුණු 64යි.

ඒ අනුව දෙරට අතර පැවති දෙවැනි එක්දින තරගය පාකිස්තානය ජයග්‍රහණය තහවුරු කරගත්තේ පන්දුවාර 26යි පන්දු 03ක් අවසානයේ දී කඩුලු 09කින් වීම ද විශේෂත්වයක්.

තරගයේ වීරයා සම්මානය කඩුලු 05ක් බිඳ දැමූ රවුෆ් විසින් දිනා ගනු ලැබුවා.

දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය එළඹෙන 10 වැනිදා පර්ත් හි දී ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?