අදත් පළාත් කිහිපයකට වැසි

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර,අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්