AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය – යතුරුපැදි අනතුරින් තරුණිය මරුට

ජා-ඇල කුඩහකපොළ දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේදී ඉකුත් 23 දා රාත‍්‍රී සිදු වූ දුම්රිය – යතුරු පැදි අනතුරකින් තරුණියක මිය ගොස් තරුණයකු බරපතල තුවාල ලබා රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණිය සේවය නිමවී ඇයගේ නිවස ආසන්නයේ පදිංචි තරුණයයකු සමග යතුරු පැදියකින් නිවසට පැමිණෙමින් සිටියදී කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක රාත‍්‍රී 08 ට පමණ ගැටී ඇත. අනතුරින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් ඇත. බරපතල තුවාල ලැබූ තරුණයා ප‍්‍රතිකාර සඳහා රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

මෙම අනතුරින් මියගොස් තිබුණේ කිදිගොඩ සීදුව පදිංචි කේ. ඉරේෂා රුමේෂිකා (21) නැමැති අයයි. බරපතල තත්ත්වයෙන් රාගම රෝහලේ ප‍්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත්තේ කිදිගොඩ සීදුව පදිංචි එල්. නාමල් ජූඞ් සම්පත් (22) නැමති තරුණයෙකි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ජා-ඇල පොලිසිය විසින් සිදු කරනු ලබයි.

කදාණ – රුක්මන් පින්තු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊළඟ මාලිමා ආණ්ඩුවේ අගමැති විජිත හේරත් හෙළි කරයි
04:03
Video thumbnail
තංගල්ල හොල්ලපු මාලිමා රැළියේ ඩ්‍රෝන කැමරාවේ වීඩියෝ මෙන්න
03:02
Video thumbnail
වේදිකාව උඩ ගලවපු පුෂ්පිකාගේ කිරුළ උසාවි නියෝගයකින් යළි පුෂ්පිකාටම
02:53
Video thumbnail
පරිප්පු බද්ද වැඩි කළේ සත 25කින් - කඩේ එවුන් රුපියල් 20කින් පරිප්පු වැඩි කරලා
11:35
Video thumbnail
හිටපු ජනපති ඉල්ලපු දේවල් දැකලා අනුර ජනපතිට හොඳටම තදවෙයි
06:07
Video thumbnail
මාස තුනෙන් අපි වැටෙනවාලු - පව් අප්පා ජනපති කියයි
05:31
Video thumbnail
අනුර ජනපති වෙලා රැළියක අමතපු පළවෙනි සැරේම කරපු සැර කතාව
32:20
Video thumbnail
මාලිමාවේ වැඩකාරයා ටිල්වින් වේදිකාව හොල්ලයි
11:31
Video thumbnail
මාලිමාවේ පළමු රැළිය උණුසුම් කරපු ජනප්‍රිය නිළිගේ කතාව මෙන්න
09:00
Video thumbnail
මාලිමාවේ තංගල්ලේ රැස්වීමට අනුර ජනපති හදිසියේ එයි
02:47

?