දුම්රිය – යතුරුපැදි අනතුරින් තරුණිය මරුට

ජා-ඇල කුඩහකපොළ දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේදී ඉකුත් 23 දා රාත‍්‍රී සිදු වූ දුම්රිය – යතුරු පැදි අනතුරකින් තරුණියක මිය ගොස් තරුණයකු බරපතල තුවාල ලබා රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණිය සේවය නිමවී ඇයගේ නිවස ආසන්නයේ පදිංචි තරුණයයකු සමග යතුරු පැදියකින් නිවසට පැමිණෙමින් සිටියදී කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක රාත‍්‍රී 08 ට පමණ ගැටී ඇත. අනතුරින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් ඇත. බරපතල තුවාල ලැබූ තරුණයා ප‍්‍රතිකාර සඳහා රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

මෙම අනතුරින් මියගොස් තිබුණේ කිදිගොඩ සීදුව පදිංචි කේ. ඉරේෂා රුමේෂිකා (21) නැමැති අයයි. බරපතල තත්ත්වයෙන් රාගම රෝහලේ ප‍්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත්තේ කිදිගොඩ සීදුව පදිංචි එල්. නාමල් ජූඞ් සම්පත් (22) නැමති තරුණයෙකි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ජා-ඇල පොලිසිය විසින් සිදු කරනු ලබයි.

කදාණ – රුක්මන් පින්තු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් රේස් ඇවිත් වෙච්ච විනාශයක්..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33