කැන්ගරුවන්ට තියුණු ජයක්

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 02ක තියුණු ජයක් වාර්තා කරන්නට සත්කාරක ඔස්ට්‍රෙලියාව මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

තරගය අද (04) ආරම්භ වූයේ ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර දීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රෙලියානු නායක පැට් කමින්ස් පළමුව පන්දුවට පහරදීමට සිය ප්‍රතිවාදීන්ට ආරාධනා කළා.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී පන්දුවාර 46කුත් පන්දු 04ක් අවසානයේ ලබා ගත්තේ ලකුණු 203ක් පමණයි.

සිය කණ්ඩායම වෙනුවෙන් නායක මොහොමඩ් රිස්වාන් ලකුණු 44ක් සහ නසීම් ෂා ලකුණු 40ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී මිචෙල් ස්ටාක් ලකුණු 33කට කඩුලු 03ක්, කමින්ස් සහ සම්පා කඩුලු 02ක් සහ එක් කඩුල්ල බැගින් සීන් ඇබොට් සහ මාර්නස් ලබුෂේන්ග් විසින් බිඳ දමනු ලැබුවා.

ජයග්‍රහණයට පන්දුවාර 50ක් තුළ ලකුණු 204කට ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පන්දුවාර 33යි පන්දු 03ක් අවසානයේ දී කඩුලු 08ක් දැවී සිය ජයග්‍රාහී ලකුණු සීමාව පසුකර ගියා.

ඔස්ට්‍රෙලියාවේ ලකුණු පුවරුව වැඩි වශයෙන් ශක්තිමත් කරමින් ජොෂ් ඉංග්ලිෂ් ලකුණු 49ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 44ක් ලබාගත්තා.

නායකත්ව වගකීම කරටගත් පැට් කමින්ස් නොදැවී ප්‍රවේසම්කාරී ලකුණු 32ක් ලබා ගත්තේ සිය පිතිකරුවන්ගේ අග පෙළ බිඳ වැටෙමින් තිබූ පසුබිමකදි වීම ද විශේෂත්වයක්.

කඩුලු බිඳ දැමීමේ දී හැරිස් රවුෆ් කඩුලු 03ක් ද, ශහීන් ෂා අෆ්‍රිඩි කඩුලු 02ක් ද, නසීම් ෂා සහ මොහොමඩ් හසේන් එක් කඩුල්ලක් ද දවාගත්තා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය නොවැම්බර් 08 උදෑසන 09ට ඇඩිලේඩ් හි දී පැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03