යාපනය පොලිස් බල ප්‍රදේශයේ ඊයේ (03) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් විවිධ වැරදි වෙනුවෙන් වරෙන්තු ලබා සිටි පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සැකකරුවන් අතර පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු හා කාන්තාවන් 11 දෙනෙකු සිටින බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර විවෘත වරෙන්තු නිකුත් කොට තිබු පුද්ගලයින් 35 දෙනෙකු හා දින වරෙන්තු නිකුත් කොට තිබු පුද්ගලයින් 11 දෙනෙකු සිටින බවත් වාර්තා වනවා.
මෙහෙයුම අතරතුරදී රථවාහන වැරදි ක්‍රියාවන් සිදු කිරීම වෙනුවෙන් නඩු 73 ක්, පාරිසරික නඩු 03ක්, නීතිවිරෝධී මත්පැන් විකුණු සැකකරුවන් 02ක් ඇතුළු පිරිසක් මෙමගින් පොලිස් අත්අඩංගුවට ගැනුණා.













