Update – ඉන්දියාවේ උත්තරකාන්ද් බස් අනතුරින් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළට (වීඩියෝ)

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ අල්මෝරා ප්‍රදේශයේ දී අද (04) උදෑසන සිදු වූ බස් රථ අනතුරින් මිය ගිය සංඛ්‍යව 36ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ආසන 45 කින් යුත් මගී බස් රථය ගාර්වාල් සිට කුමාඕන් දක්වා ගමන් කරමින් සිටිය දී මීටර් 200 ක් ගැඹුරු දුර්ගයකට වැටී ඇති බවයි.

එම අවස්ථාවේ දී බස් රථයේ මගීන් 40 දෙනෙකු සිට ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පොලීසිය සහ රාජ්‍ය ආපදා ප්‍රතිචාර බලකාය අනතුර සිදුවූ ස්ථානයේ ආරම්භ කළ මුදාගැනීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මෙම බස් රථය ගාර්වාල් මෝටර් රථ හිමියන්ගේ සංගමයට අයත් රථයක් බවට අනාවරණය වී ඇති අතර, ඛේදවාචකයට තුඩු දුන් තත්ත්වයන් හඳුනාගැනීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
00:51
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51